Contact Us - +94 714-788-556 , +94 383-399-155

Gallery - Elders

දරුවන් එකොලොස් දෙනෙක් වැදූ මවකගේ ඉරණම මෙසේ විසඳුනි...

මෙම මාතාව දරුවන් එකොලොස් දෙනෙක් වැදුවාය. බලන්ගොඩ දුෂ්කර ප්‍රදේශයක සිට එම දරුවන් උස් මහත් කලේ මහත් දුෂ්කරතා මැදනි. අවසානයේ වැඩිහිටි නිවාසයේ හුදකලා වීමට ඇයට සිදුවිය. මේ මාතාව මිය යනවිට දරුවන් එකොලොස් දෙනාගෙන් නම දෙනෙකු ජීවතුන් අතර විය. මිය යන විට වයස අවුරුදු අසූ හතරක් පමණ විය. වැඩිහිටි නිවාසයේ ගතකල කාලය තුල එකම දරුවෙක් පමණක් එකම වතාවක් පමණක් පැමිණ ගියේය. විටින් විට බර පතල ලෙස අසනීප වී අවස්ථා කීපයකදී ම රෝහල් ගත කෙරුණි. ඒ කිසිදු අවස්ථාවකදීවත් එකම දරුවකුවත් පැමිණියේ නැත. මේ සියලු කටයුතු වැඩිහිටි නිවාසයට සම්බන්ද දායක දායිකාවන් විසින් සිදුකරන ලදී. අවසානයේදී වැඩිහිටි නිවාසයේදීම මේ මවගේ මිය ගියාය. දේහය සම්බන්ද සියලු කටයුතුද අප විසින්ම සංවිධානය කළෙමු. මේ කතා පුවතේ විශේෂිතම සිදුවීම වූයේ මරණ කටයුතු වලින් පසුව දරුවන් කීපදෙනෙක්ම පැමිණ මවගේ මරණ සහතිකය ඉල්ලා සිටීමයි. ඒ මක් නිසාදයත් තමන් වැඩකරන ආයතන වලින් සහ වෙනත් සමිති සමාගම් වලින් මුදල් සහ වරප්‍රසාද ලබාගැනීමටයි. මවකගේ මරණ සහතිකයෙන් පවා මුදල් ඉපයීමට දඟලන දරුවන් සිටින සමාජයක් බව අප සියලුදෙනා දැනගත යුතු කරුණකි.

 

  • Phone:
    +94 714-788-556 , +94 383-399-155
  • Email:
    alokaeldershome@gmail.com
  • Address:
    Aloka Elders' Home
    Pinwaththa Piriwena, Pinwaththa, Panadura, Srilanka.

Copyright © 2015 Aloka Elders' Home. All Rights Reserved. Codes and Design by G.S.D. Fernando



Total Page Views http://www.hitwebcounter.com/